brand logo

තමන්ගේ වාහනේ මේ අවුරුදු දෙක තුනේ පාවිච්චි කරන එක හොදයි

11 February 2022

 අනවශ්‍ය මිල ගණන් වලට වාහන ගන්න එපා 

වාහන ආනනය නතර කිරීමත් සමගම මෙරට තුළ භාවිතා කරන වාහනවල මිල ගණන් දිනෙන් දින ඉහළ යමින් පවතී. ඊට විවිධ හේතු බලපා ඇති බව වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත්  මහතා පැවසුවේ වාහන මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වාහන ඇති ජනතාව ඒවා වාහන මිලදී ගැනීම් සහ අලෙවිකරුවන්ට විකිණීම බවයි. යම් මුදලකට වාහනයක් ලබාගන්නා බයි ඇන් සේල් ව්‍යාපාරික ප්‍රජාව ඒවා වැඩි මුදලට අලෙවි කරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි. මෙම තත්ත්වය ඇතිවීමට හේතුව පාරිභෝගික ජනතාවම බව වාහන ආනයනයකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික සම්පත් මහතා....  

අපේ මේ රටේ කොට්ඨාශ දෙකක් ඉන්නවා. හොද මිනිස්සු වගේම නරක මිනිස්සු. සාධාරණය සහ අසාධාරණය.

ජනතාව දැනගන්න ඕනෙ අපි අමාරු කාලෙක ජීවිත් වෙන්න ඕන විදිහ වගේම. අමාරු කාලය මිදුනට පස්සේ කරන්න ඕන දේත්.

ඒක නිසා තමුන්ගේ කියලා වාහනයක් තියෙනවා නම්, තමන්ගේ වාහනේ මේ අවුරුදු දෙක තුනේ පාවිච්චි කරන ඒක හොදයි. අනිසි මුදලකට වාහනයක් ගන්නේ නැතිව.

එහෙම ගත්තාම තමයි ඒ වෙළෙන්දන්ට තියෙන අනිසි අවස්ථා පසුබිම හැදෙන්නේ. ඒ අවස්ථාව නැති කිරීමේ ලොකු වගකීමක් ජනතාවට තියෙනවා.

ජනතාව අනවශ්‍ය මිල ගණන් වලට වාහන ගන්න එපා.

https://youtu.be/ZG_VFi7WZak
 

More News..