brand logo

අනතුරු ගණනාවක් සිදුකොට පළාගිය මෝටර් රථයක් යාපනය තරුණයින් අල්ලයි

31 December 2018

යාපනය,ප්‍රදේශයේදී අනතුරු ගණනාවක් සිදුකොට පළාගිය මෝටර් රථයක් පසුපස හඹා ගොස් අදාළ කාර් රථය අල්ලා ගැනීමට යාපනය තරුණයින් ඊයේ(30) සමත්ව ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති. යාපනය ආරක්ෂක අංශ පැවසූවේ පළමු අනතුරු යාපනය චුණ්ඩිකුලි ප්‍රදේශයේදී සිදුකොට පළාගිය මෝටර් රථයක් එලෙස අල්ලා ගැනීමට තරුණයින් කටයුතු කොට ඇති බවයි. කාර් රථයේ පැදවු රියදුරා යාපනය චුණ්ඩිකුලි,නල්ලූර් හා කෝපායි ප්‍රදේශයේදී අනතුරු සිදුකොට පළා යමින් සිටියදී තරුණයින් අල්ලාගෙන ඇත. සැකකරු තරුණයින්ගේ හඹායාම හමුවේ මෝටර් රථය දමා පළාගොස් ඇති බවද පොලිසිය පැවසීය. ආරක්ෂක අංශ පැවසූවේ සැකකරු සිදුකළ අනතුරු හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුළු හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ හිමිකරු සොයා පරීක්ෂණ මෙහෙයවන බව යාපනය කෝපායි පොලිසිය පැවසීය. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..