brand logo

අනතුරට පත් නෞකාවේ බඳට හානි සිදුවෙලා

24 January 2021

    සිමෙන්ති ප්‍රවාහනය කළ' කුඩා රාවණාකොටුව ආසන්නයේ දී අනතුරට ලක් වූ නෞකාවේ වත්මන් තත්ත්වය නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කරනවා. නෞකාවේ තත්ත්වය නිරීක්ෂණය කිරීමේ කටයුතු අද (24) උදෑසන කිමිදුම්කරුවන් කණ්ඩායමක් ආරම්භ කළ අතර මේ දක්වා සිදුකළ සොයා බැලීම්වලදී නෞකාවේ බඳ කොටසට හානි සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇත. අනතුරෙන් නෞකාවේ ඉදිරිපස සහ පිටුපස කොටසට හානියක් සිදුව නොමැති අතර ඉන්ධන කාන්දුවක් සිදුවීමේ අවදානමක් ද නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කර තිබේ. ලයිබිරියානු ධජය යටතේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ත්‍රීකුණාමලය දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු යුරෝසන් නැමති මෙම යත්‍රාව ඊයේ (23) පෙරවරුවේ කුඩා රාවණා කොටුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබුණා.
 

More News..