brand logo

අනතුරකට ලක්වූ පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්වෙයි

16 May 2021

පොලිස් මාර්ග බාධකයක රාජකාරියේ නියුතුව සිටියදී පසුගිය දිනෙක අනතුරකට පත් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු මාතලේ පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනියුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙකි. මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) ජිවිතක්ෂයට පත්ව ඇත. අශෝක උපතිස්ස නමැති එම නිලධාරියා පසුගිය 21වනදා මාතලේ - නුවර මාර්ගයේ බලකඩුව පොලිස් මාර්ග බාධකයේ සේවයේ නියුතුව සිටියදී හොරොව්පතාන සිට අකුරණ දක්වා ගමන් ගත් වෑන් රථයක් ඔහුව අනතුරට ලක්කර පළාගොස් තිබුණි. අදාළ වෑන් රථයේ රියදුරු එදිනම අත්අඩංගුවට පත්වූ අතර 29 හැවිරිදි එම තරුණයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
 

More News..