brand logo

අධි සුඛෝපභෝගීබව මනස්කාන්ත වට පිටාවක සොඳුරුබව මනරම්ව මුසු වූ Colombo City Centreඅපාර්ට්මන්ට්

21 December 2019

ඔබ විසින් සොයන්නේ සුඛෝපභෝගී නිවස්නයක් වුවත්, වඩා හොඳ ආයෝජනයක් වුවත් ඒ දෙකටම සරිලන හොඳම විසඳුම ලබා දීමට Colombo City Centre සූදානම්. සුවදායී ජීවන රටාවක් පවත්වාගෙන යාමට සුඛෝපභෝගී නිවස්න 192 ක් වාසනාවන්ත හිමිකරුවන් වෙනුවෙන් සූදානම්ව පවතින අතර ඒවායේ අභ්‍යන්තර ගෘහ නිර්මාණ සැකැස්ම නිදහස් හා නිස්කලංක ජීවන රටාවක් ගත කිරීමට හැම අතින්ම සුදුසු පරිදි නිර්මාණය කර ඇත. උසින් වැඩි සුදු පැහැති සිවිලිම, එකිනෙකට ගැළපෙන ෆ්ලෝ ටයිල් සැකැස්ම, ෆුල් ග්ලාස් නිමාව, ඉඩකඩ හොඳින් පෙනෙන සේ සිදු කර ඇති වර්ණ සංයෝජනය, පිටතින් එන ස්වාභාවික ආලෝකය ඇතුළට මනාව ගලා එන ලෙස සිදු කර ඇති සැකැස්ම යනාදිය නිසා නිවෙස් හිමියන්ට සුව පහසු නිදහස් අවකාශයක ජීවන රටාවක් ගත කිරීමේ අවස්ථාව හිමි වේ. එමෙන්ම නිවසේ නිදන කාමර වැනි පෞද්ගලික කලාපයන් ද ආලින්දය වැනි පොදු කලාපයන් ද සුදුසු පරිදි මනාව වෙන් ව ඇති අතර නිවැසියන්ගේ පෞද්ගලිකත්වය උපරිම අන්දමින් තහවුරු වන සේ නිර්මාණය කර ඇත. නිවස්නයේ ආලින්දය, කෑම කාමරය සහ මුළුතැන්ගෙය පවුලේ මෙන්ම අමුත්තන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන විවිධ අවස්ථාවන් සඳහා නිදහසේ භාවිතයට ගත හැකි වන පරිදි නිර්මාණය කර ඇත. Wet & Dry Kitchen යනුවෙන් සැකැස්ම දෙකකින් මෙහි මුළුතැන්ගෙය නිර්මාණය වී ඇති අතර ආහාර පිසීමේ සහ පිරිසිදු කිරීමේ කාර්ය බහුල කටයුතු සිදු කිරීමේ දී භාවිතයට නොගන්නා කොටසක් වශයෙන් Dry Kitchen එකත් පවුලේ අය සහ අමුත්තන් සඳහා බහුල වශයෙන් ආහාර පිසීමේ දී භාවිතයට ගැනෙන කොටසක් වශයෙන් Wet Kitchen එකද භාවිතයට ගැනීමට හැක. එමෙන්ම Wet Kitchen කොටසේ විශාල ප්‍රමාණයේ ගෘහ විදුලි උපකරණ තැබීමේ හැකියාවද ඇත.
 

More News..