brand logo

අධි වේගයෙන් බස් එකෙන් ගාල්ලට ගිය කතට කොවිඩ්

12 October 2020

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට ගාල්ලට ගමන්ගත් බස් රථයක කාන්තාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන තිබේ. බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලසන්ත උබේසේකර මහතා සදහන් කළේ එම බස් රථයේම ගමන්ගත් තවත් 35කට ඉදිරිපත් වන ලෙසට කොතෙකුත් ඉල්ලීම් කළ ද මේ දක්වා කිසිවකුත් ඉදිරිපත් නොවී ඇති බවයි. මෙය ඉතාමත් බරපතල ගැටළුවක් වනු ඇති බව ඔහු සදහන් කරයි. අදාළ බස් රථයෙන් හදුනාගත් කොවිඩ් ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ සේවය කළ තැනැත්තියක් බවත්, ඇය පසුගිය 4 වැනිදා කඩවත සිට ගාල්ල බලා අධිවේගයේ ධාවනය වූ බස් (NB-7323) රථයකින් ගාල්ලට පැමිණ තිබේ. වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේ කොවිඩ් ආසාදිත කාන්තාව සමීපයේම පැමිණි පිරිස සමීප ස්පර්ශකයන් වන බැවින් ඔවුන්ට ඉදිරිපත් වන ලෙසට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ඉදිරිපත් වී නොමැති බවයි. මේ වන විට අදාළ කාන්තාව සහ බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා ද නිරෝධායනයට යොමු කර ඇත.
 

More News..