brand logo

අධි බලැති පුපුරන ද්‍රව්‍යක් වන රතු රසදිය සහිත සිලින්ඩර 03ක් සොයාගැනේ

15 June 2021

රඹුක්කන පොලිස් වසමේ කෑගල්ල දළුග්ගල ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකරන ළද මෙහෙයුමක දී අධි බලැති පුපුරන ද්‍රව්‍යක් වන රතු රසදිය බවට සැක සහිත සිලින්ඩර තුනක් සොයාගෙන තිබේ.   [caption id="attachment_151619" align="aligncenter" width="473"] රතු රසදිය බවට සැක සහිත සිලින්ඩරයක්[/caption]   එම භාණ්ඩ සමග කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ 1හි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම භාණ්ඩ තොගය සොයාගෙන තිබේ. සොයාගන්නා ලද භාණ්ඩ අතර ' රතු රසදිය අඩංගු ලෝහ සිලින්ඩර 03ක් , ග්‍රින්ඩරයක්, කළුපැහැති තීන්ත බෝතලයක් ,12 v සුදුපැහැති බල්බ 05ක් ,බ්රේක් ඔයිල් බෝතලයක් ,යකඩ ඇලවීම සඳහා ගන්නා ගම් බෝතලයක් ,සෙලෝටේප් රෝලක් , ලැප්ටොප් බෑගයක් සහ ලාංචන සහිත ස්ටිකර් 07ක් වෙයි.    
 

More News..