brand logo

අධිවේගී මාර්ගයේ සෙල්ලම් දැමූ සිව්දෙනෙකු පොලීසිය සොයයි

11 April 2021

මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. එම වීඩියෝවේ දැක්වෙන්නේ අධිවේගී මාර්ගයක ධාවනය වන මෝටර් රථයක දොරමත වාඩිවී ශරීරයේ උඩු කොටස රථයෙන් පිටතට දමා අනතුරුදායක ලෙස තරුණයන් සිව්දෙනෙකු ගමන් කරන ආකාරයකි. මොවුන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලීසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මෙම සිද්ධියට සම්බන්ධ පිරිස තම ජීවිත අනතුරේ හෙළීමට අමතරව අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් රියදුරන්ට අනතුරුදායක තත්ත්වයක් ගෙන දෙන ක්‍රියාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි. එම වීඩියෝවේ දැක්වෙන ආකාරයට මෙම මෝටර් රථයේ අංකය අනුව එය මධ්‍යම පළාතට අයත් එකක් බවට හෙළිවේ. ෆේස්බුක් සමාජ මාධ්‍යයේ හුවමාරු වන එම වීඩියෝව පහතින්...
 

More News..