brand logo

අධිවේගී මාර්ගයේදී පොල්තෙල් බවුසරයක් අනතුරට පත්වෙයි

26 January 2021

    පොල් තෙල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් අද (26) දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කොලමැදිරිය ප්‍රදේශයේදී පෙරලීයාම නිසා රියදුරු සහ සහායක බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරනවා. සිදුවූ අනතුරින් බවුසරයට බරපතල අලාභ සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා. එසේම බවුසරයේ ටැංකියේ තිබූ පොල් තෙල් කිලෝ 13,000කින් වැඩි ප්‍රමාණයක් අධිවේගී මාර්ගයේ සහ ඉන් පිටත ගලා ගෙන ගොස් ඇතැයි ද වාර්තාවනවා. අනතුරින් තුවාල ලද දෙදෙනා කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ. මේ වනවිට' මාර්ග සංවර්ධන අධිකාරියේ අධිපීඩන ජල බවුසර මගින් මාර්ගය සෝදා පිරිසුදු කිරීමට කටයුතු කර ඇත.
 

More News..