brand logo

අධිවේගී මාර්ගයක වාහන 100ක් ගැටී සිදු වූ අනතුර

12 February 2021

අමෙරිකාවේ – ෆෝර්ට් වර්ත් හි පිහිටි ටෙක්සාස් සිට ඩලස් දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර 50 ක ප්‍රමාණයක මෝටර් රථ 100කට අධික සංඛ්‍යාවක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් පුද්ගලයි 06දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. අනතුරුවලින් ඇතැම් වාහන සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර අනතුරුවලට ලක්වූ වාහන අතර ට්‍රක්රථ සහ කන්ටේනර් රථ ද වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මේ දිනවල සිදුවන අධික හිමපතනයන් හේතුවෙන් මාර්ගයේ ඇතිවී තිබෙන ලිස්සා යාමේ තත්ත්වය නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 

More News..