brand logo

අධිවේගී මගේ වේගය සීමා කෙරේ

16 September 2019

පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට අවවාදාත්මක උපදේශයක් ලබාදී තිබේ. ඒ අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන් තම රථයේ වේගය පැයට කිලෝමීටර් 60 ක් ලෙස රඳවා ගන්නා ලෙසය. පවතින නිතිය අනුව පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් වාහන ධාවනය කිරීමට අවසර තිබෙන බවත් යම් අවස්ථාවලදී මාර්ගය ලිස්සන සුළු වීම් හේතුවෙන් හදිසි අනතුරු වලක්වා ගැනීමට වාහනයේ වේගය පාලනය කරගත හැකි මට්ටමක තිබීම උපකාරී වන බව අධිවේගී මාර්ග පාලන අංශය සඳහන් කළේය. උපරිම වේගය රඳවා නොගැනීම සම්බන්ධයෙන් වාහන රියදුරන්ට එරෙහිව කිසිදු දඩ මුදලක් නියම නොකරන අතර, කටුනායක-කොළඹ හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැන්වීම් පුවරු හරහා වේගසීමාව ගැන රියදුරන් දැනුවත් කිරීමට අධිවේගී මාර්ග මෙහෙයුම් අංශය විසින් කටයුතු යොදා තිබේ.
 

More News..