brand logo

අධිවේගයේ සෙල්ලම් දැමූ තරුණයින් අත්අඩංගුවට

13 April 2021

දක්ෂිණ අධිවේග මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ගමන් කළ තරුණයින් සිව්දෙනා අද (13) උදෑසන අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ත් 20ත් අතර පසුවන තරුණයින් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අයුතු අවහිර කිරීම හා අයුතු ජනරාශියක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 

More News..