brand logo

අධිවේගයේ බිංගෙවල් චිත්‍රවලින් අලංකාර කෙරේ

24 October 2019

පෝස්ටර් ගසා අවලස්සන වී තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිංගෙවල්වල චිත‍්‍ර ඇදිමට ගාල්ලේ චිත‍්‍ර ශිල්පීන් කණ්ඩායමක් ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වී සිටියි. අරුණ ශාන්ත ගමගේ චිත‍්‍ර ශිල්පියාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ. මේ සදහා අවශ්‍ය තින්ත හා උපකරණ සදහා ඉතාලියේ මිලානෝ නුවර සත්සර කලායතනය අනුග‍්‍රහය ලබා දී ඇත. මෙම වැටහටහන තුළින් පරිසරයට අලංකාරයක් හා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණතාවයක් ලබා ගැනීමට හැකියාව ඇති බව මෙම කටයුත්තේ නියැලෙන චිත‍්‍ර ශිල්පීහු පවසති. පින්නදූව පිවිසුම් මාර්ගය අසළ බිංගෙවල්වල පින්තාරු කරන අයුරු මෙම ඡායාරූපවලින් දැක්වේ.
 

More News..