brand logo

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250 ක් සමඟ ලොරියක් අත්අඩංගුවට

15 March 2019

හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදි. හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් තිබු කුඩා ලොරියක් නවත්වන ලෙස සංඥා කළද එය නොනවත්වා ධාවනය කර ඇත. පසුව ලොරිය හඹා ගිය සුරියවැව වල්සපුගල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අද (15) පෙරවරුවේ මෙම ලොරිය සහ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති අතර එම ලොරියේ තිබී ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝ 25 කොට්ට 09ක්, අධිබළැති පුපුරණ ද්‍රව්‍යක් වන ජෙලට් නයිට් කූරු 196ක් සහ විදුලි ඩෙටනේටර් 100ක් අත්අඩංගුවට ගෙන ඇත. එම ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා හම්බන්තොට පොලිසියට බාර දි තිබේ.
 

More News..