brand logo

අධික විෂ සහිත කෘෂි රසායන ටොන් 30ක් ගැන තොරතුරු වාර්තා වෙයි

17 April 2021

වසර පනහක සිට ආනයනය කර ඇති අධික විෂ සහිත තහනම් හා කල් ඉකුත් වී ඇති කෘෂි රසායන දියර හා ඝන ද්‍රව්‍ය ටොන් තිහකට ආසන්න ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයේ හා මහඉලුප්පල්ලම රජයේ ගොවිපොළේ ගබඩා කර ඇති බව වාර්තා වේ. ඉන් ටොන් අටක් පමණ මහඉලුප්පල්ලම ගොවිපොළේ ඇති අතර ඉතිරි ප්‍රමාණය අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන දහයක පමණ ගබඩා කර ඇති බව වාර්තා වේ. එසේ කල් ඉකුත් වූ හා අධික විෂ සහිත කෘෂි රසායනික ද්‍රව්‍ය අධික උෂ්ණත්වයක් සහිත උදුනක දහනය කළ යුතු අතර ටොන් එකක් සඳහා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැයවන බව වාර්තා වේ. 1970 වනවිට කෘෂි රසායනික රජය මගින් ආනයනය කර ඇති අතර පසු කාලයේ පෞද්ගලික අංශය මගින් ආනයනය කර තිබියදී අත්අඩංගුවට ගත් තහනම් විෂ සහිත කෘෂි රසායනික මේ අතර වේ. මෙම කෘෂි රසායන පරිසරයට නිරාවරණය වුවහොත් දැඩි ගැටලුවක් පවතින බවත්, ඒවා පොළොවට, ජලයට, වායුවට එක් වුවහොත් දැඩි පරිසර හානියක් සිදුවිය හැකිය. මේ සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම කෘෂි රසායනවලින් මහඉලුප්පල්ලම තිබූ තොගය දහනය කර විනාශ කළ බවත්, අම්පාරේ ඇති ටොන් 20 පමණක් විනාශ කිරීමට ඇති බවයි. මේ වනවිට ඒවා විනාශ කිරීම සඳහා රුපියල් මිලියන 8ක ප්‍රමාණයක ප්‍රතිපාදන ලැබී ඇති බවත්, එම කෘෂි රසායනික සුරක්ෂිතව බහාලුම්වල දියරයක් ලෙස සකසා ගබඩා කර ඇති බවයි. එම නිසා මේ වනවිට ඇතිව තිබූ අවදානම අඩුවී ඇති අතර ඉදිරි දිනවලදී එම තොගයද පුත්තලම ප්‍රදේශයට රැගෙන ගොස් දහනය කරන බව සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..