brand logo

අධිකරණ රැකවරණය ලබන ඉන්දීය ජාතිකයකු ගැන පරීක්ෂණ

04 May 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ප්‍රකෝටිපති මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනකු සමග කාත්තන්කුඩි හා ආරියම්පති ප්‍රදේශවල රහසිගත ආගමික කාර්යයක නිරත වූ බව කියන ඉන්දියානුවකු ගැන රාජ්‍ය ඔත්තු සේවාව හා ආගමන විගමන දෙපාර්තමේන්තුව හදිසි විමර්ශනයක් අරඹා ඇත. ජේම්ස් කෙනඩි නමැති මොහු පී 0238264 දරන ඉන්දියානු ගුවන් ගමන් බලපත්‍රයකින් පසුගිය 27 දා ලංකාවට පැමිණ අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ නිලධාරියකුට ලබා දී ඇති විශේෂ පොලිස් ආරක්ෂාවක් මැද ආරියම්පති බලා ගොස් අැත්තේ මැයි 01 දාය. රුපියල් කෝටි ගණනක මුදල් මෙරටින් සූක්ෂ්ම ලෙස ඉන්දියාවට පැන්නීමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුව සොයමින් සිටි මෙම පුද්ගලයා සංචාරක වීසා මත පසුගිය වසරේ පමණක් හය වතාවක් මෙරටට පැමිණ ඇත. මෙවර මොහු පැමිණි මොහොතේ කාත්තන්කුඩි මුස්ලිම් වැසියන් දුන් තොරතුරකට අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගොස් අැතත් අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධ නිලධාරියා ඊට හරස් වී ඇතැයි හෙළිව තිබේ. අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරියාට රජයෙන් ලබාදුන් ආරක්ෂාව පිට එම නිලධාරියාගේ වාහනයෙන් ගමන් යන සැකකටයුතු ඉන්දියානුවා ගැන කාත්තන්කුඩි මුස්ලිම් ප්‍රජාව අගවිනිසුරුවරයාටත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවටත් ලිඛිතව පැමිණිලි කර ඇත්තේ මේ සතියේය. ඉන්දියාවේ ට්‍රිචි නගර් පෝස්ට්හි පදිංචි මෙම ඉන්දියානුවා මෙරට ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨයන් සමගද සබඳතා පවත්වා ඇත. කතෝලිකයකු වන මෙම ඉන්දියානුවා මුස්ලිම් හජ්ජියාර්වරුන්ගේ ආගමික දේව මෙහෙයන් පවත්වන බව කියමින් ඔවුන්ටම පමණක් ඇඟිලි සලකුණු තබා ඇතුළු විය හැකි ගොඩනැගිල්ලකදී ඔවුන්ව හමුවන බවත් හෙළි වී ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..