brand logo

අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණයට සැරසෙයි

02 December 2020

මෙරට අධිකරණ පද්ධතිය පුර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම ව්‍යාපෘතියක් ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කර තිබේ. මේ බව අද (02) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ හේෂා විතානගේ මහතා ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සඳහන් කර ඇත. හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ පැනය සඳහා පිළිතුරු ලබාදෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 31 වන විට දිසා අධිකරණ වල වසර 15ට වඩා කල්ගතවූ නඩු 8947ක් ද වසර 15-20ත් අතර කල්ගතවූ නඩු 3418ක් ද වසර 20ට වඩා පැරණි නඩු 4620ක් ද විසඳීමට ඉතිරිව ඇති බවකි.
 

More News..