brand logo

අධිකරණ නීතිඥවරයෙකුට කොවිඩ්

30 January 2021

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟම මහෙස්ත්‍රාත් අධිකරණය සම්පූර්ණයෙන් ම විෂබීජහරණය කර, අධිකරණයේ නීතිඥවරුන් ඇතුළු සේවකයින් 37 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකළ බව හැටන් - දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එස් මැදවෙල මහතා සඳහන් කළේය. ආසාදිත නීතිඥවරයාගේ බිරිඳගෙන් කොවිඩ් ආසාදනය වී ඇතැයි අනාවරණය වී ඇති අතර, ඇය එම ප්‍රදේශයේ පාසල් ගුරුවරියකි.
 

More News..