brand logo

අධිකරණ ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 27 ක් වටිනා වෑන් රථයක් සොරාකයි

18 November 2018

මාරවිල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 27 ක් වටිනා වෑන් රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි. ඉකුත් 16 වැනිදා පෙරවරු 9.30 ත් 11.15 ත් අතර කාලය තුළ මෙම සොරකම සිදුවී ඇත. තමන්ට එරෙහිව මාරවිල අධිකරණයේ රථ වාහන වරදක් සම්බන්ධයෙන් නඩුවක් තිබූ බවත්,එයට පෙනී සිටීම සදහා වෑන් රථයෙන් ගොස් එය ගාල් කර අධිකරණයට ගොස් ආපසු පැමිණ බලන විට වෑන් රථය අතුරුදහන්වී තිබුනේ යැයි මාදම්පේ - පොතුවිල පදිංචි කුරණගේ ශ්‍රිමායා ශාන්ත පෙරේරා (අවු:53) යන අය මාරවිල පොලීසියට පැමිණිළි කරමින් සදහන් කර ඇත. කව්රුන් විසින් මෙම වෑන් රථය සොරකම් කලාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබයි.
 

More News..