brand logo

අධිකරණ ඇමති තලතා එක්සත් ජාතීන්ගේ නීති අංශයේ ප්‍රධානියාව මුණගැසෙයි

12 February 2019

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාවය පිළිබදව නීති අංශයේ ප්‍රධානී Mona A. Rishmawi මහත්මිය අතර හමුවක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී අද (12) පස්වරුවේ සිදු විය. මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබදව සාකච්ඡා වු අතර එහිදී අමාත්‍යවරිය සඳහන් කළේ මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා රජය උපරිම වශයෙන් කටයුතු කර ඇති බවයි. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති පියවර අගය කරන බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කොමිසමේ සහාය ඉදිරියටත් ලබා දෙන බවත් එහිදී එම කොමිසමේ නීති අංශයේ ප්‍රධානීයා පැවසුවාය. මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාව ලබා දෙන ප්‍රමුඛත්වය ඉදිරියටත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇය තවදුරටත් සඳහන් කළාය. මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ අධිකරණ කටයුතු උපදේශක Estelle Askew –Renaunt මහත්මිය සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල මහතා ද එක් විය.
 

More News..