brand logo

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බව කියා මුදල් ලබාගෙන

30 September 2020

අධිකරණ අමාත්‍යාංයෙහි රැකියා ලබා දෙන මුවාවෙන් මුදල් ලබා ගනිමින් පුද්ගලයින් රවටා සිදුකරන ලද ජාවාරම් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. තරුණ තරුණියන් විශාල පිරිසක් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි පත්වීම් ලිපි සමඟින් අධිකරණ අමාත්‍යාංශයට පැමිණි ඇත. එම අවස්ථාවේ දී එම ජාවාරම පිළිබඳ අනාවරණය කරගෙන ඇත. අද දින (30) සහ මිට පෙර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඔවුන් පැමිණ තිබූ බව අමාත්‍යාංශය සඳහන් කරනවා. මොවුන් අම්පාර, මීගමුව, දංකොටුව, ගල්කිස්ස ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති අතර සම්මුඛ පරීක්ෂණ ලිපි ව්‍යාජ බවට ඔවුන් දැනගනු ලබන්නේ ද අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී යි. රු.17,500 - 185,000 දක්වා මුදල් ලබා ගෙන තිබූ අතර මුදල් ලබා දී තිබූ බවට වූ බැංකු රිසිට්පත් ද ඔවුන් සතුව තිබුණු බව අමාත්‍යාංශය සඳහන් කරනවා. එම පුද්ගලයා ‘සමන්ත‘ යන නමින් පෙනී මුදල් ලබා ගෙන තිබෙනවා. තරුණ තරුණියන් 45දෙනෙකු මුදල් ලබාදී ඇති බවට කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබෙනවා. මේ සම්බන්ධ ඉදිරි පරක්ෂණ කටයුතු කිරීමට නියමිතයි.
 

More News..