brand logo

අධිකරණයට භාර වු ජයන්ත සමරවීරට ඇප

18 February 2020

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය නීතිඥයින් මගින් අද අධිකරණයට භාර වුණා. ඒ අනුව ඔහුට එරෙහිව නිකුත් කර තිබු අත්අඩංගුවට ගැනිමේ වරෙන්තුව ආපසු කැඳවීමට අධිකරණය නියෝග කර තිඛේ. අධිකරණයට භාර වු සැකකාර ජයන්ත සමරවීර මහතා රුපියල් 7 500 ක අමතර ඇපයක් මත මුදා හරින ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග කරනු ලැබීය. 2016 වසරේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ එක්සත් ජාතින්ගේ කොළඹ පිහිටි කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් සිදුකිරිමයි ජයන්ත සමරවීර මහතාට එරෙහි චෝදනා එල්ල වී තිබුණා.
 

More News..