brand logo

අධිකරණයට ගරු කරමින් සුපිරි ටෙනිස් ක්‍රීඩකයා ගත් තීරණය

17 January 2022

දස වන වතාවටත් කිරුළ ජය ගැනීමට තිබූ අවස්ථාව අහිමිවෙයි
සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීමට ගුවන් යානයකට නැගී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අධිකරණ නියෝගයට ගරු කරමින් ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට සූදානම් බව ඔහු අද පෙරවරුවේ ප්‍රකාශ කර තිබුණා. අධිකරණ නියෝගයෙන් පැයකට පමණ පසු මෙල්බර්න් නුවර සිට ඩුබායි දක්වා ගමන් ගන්නා ගුවන්යානයක ගමන් කිරීමට ඔහු කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වීසා අයදුම්පත්‍රයට අසත්‍ය තොරතුරු දීමේ චෝදනාව යටතේ තම වීසා බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව ජොකොවිච් ගොණු කල අභියාචනය ඉවත දැමීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් අධිකරණයක් නියෝග කර තිබෙනවා. අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තමා "අතිශයින්ම කලකිරීමට පත්වන" බව ජොකොවික් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් රටින් පිටවීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ඔහු සඳහන් කළා. ඒ අනුව ජොකොවිච්ට හෙට ආරම්භ වන ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීමට අවස්ථාවක් හිමි නොවන අතර රටින් බැහැරවීමෙන් පසු නැවත වසර 03ක් යන තෙක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර හිමිවන්නේද නැහැ. එන්නත්කරණයෙන් තොරව රටට පැමිණීම හේතුවෙන් නොවැක් ජොකොවිච්ගේ වීසා බලපත්‍රය පළමුවෙන් ප්‍රතික්ෂේප කෙරුණේ පසුගිය 06 වනදායි. කෙසේවෙතත් එම නියෝගය අධිකරණය විසින් පසුව අවලංගු කරනු ලැබුවා. ඕස්ට්‍රේලියානු ටෙනිස් ශූරතාව නව වරක් ජයග්‍රහණය කර ඇති ජොකොවික් හට මෙම තීරණයත් සමග දහ වන වතාවටත් මෙම කිරුළ ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව අහිමි වෙනවා. ඔස්ට්‍රේලියානු පංච පුද්ගල ෆෙඩරල් අධිකරණයක් මගින් මෙම තීරණය ලබා දීම හේතුවෙන් එම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ජොකොවිච් හට හිමි වන්නේ නැහැ. ඒ අනුව ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන සර්බියානු ජාතික නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගිවීම සඳහා එහි රැඳී සිටීමට දැරූ අවසන් ප්‍රයත්නයද අද අසාර්ථක වුණා. ඒ, ඕස්ට්‍රේලියානු පෙඩරල් අධිකරණය මගින් ජොකොවිච්ගේ වීසා අවලංගු කිරීමට එරට සංක්‍රමණික අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය තහවුරු කිරීමත් සමඟයි. කෙසේ වෙතත් ජොකොවිච්ට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලි 21 ක් ජයග්‍රහණය කරමින් ටෙනිස් ඉතිහාසයේ විශිෂ්ඨතම ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වීමේ අවස්ථාව මෙන්ම, වසර 3 ක් යනතුරු ඕස්ට්‍රේලියාවට පැමිණීමේ අවස්ථාවද අහිමිවනවා.
 

More News..