brand logo

අධිකරණ කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය

19 January 2021

මේ වන විට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදුකිරීම අරඹා ඇත. ඒ අනුව අභියාචනාධිකරණයේ අධිකරණ කාමර 205, 110, 107 යන කාමරවලදී එම කටයුතු සිදුකිරීම ඊයේ (18) දින සිට සිදුකර තිබේ. මේ අනුව වැලිකඩ සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල සිට අන්තර්ජාලය හරහා අවශ්‍ය සම්බන්ධතාවයන් සකසා ඇත. අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා සඳහන් කරන්නේ අභියාචනා සිරකරුවන්ගේ නඩු ඇසීමට අභියාචනා අධිකරණ 04ක් ඉතා කඩිනමින් ස්ථාපිත කිරීමට නියමිත බවයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රජය අමාත්‍යවරයා වන ලොහාන් රත්වත්තේ මහතා අතර පැවති විශේෂ සාකච්චාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබේ.
 

More News..