brand logo

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අද ජනාධිපති කොමිසම හමුවට

03 July 2019

පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා අද කැඳවා තිබේ. ඒ, පාසල් පෙළ පොත්වල විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ වර්ණ ඡායාරූපයක් ඇතුළත් කිරීම හේතුවෙන් සිදු වූ බව කියන මූල්‍ය පාඩුව සම්බන්ධ පැමිණිල්ලේ සාක්ෂි ලබා දීම සඳහාය. මීට පෙර කොමිසම ඉදිරියේ 2018 වසරේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා පසුගියදා සාක්ෂි ලබා දුන්නේය.
 

More News..