brand logo

අධ්‍යාපන ඇමති ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට කැඳවයි

25 June 2019

පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇත. අකිල විරාජ් කාරියවසම් මහතාට ලබන මස 08 වන දින කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස ඊයේ (24) දිනයේ සිතාසි නිකුත් කළ බව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළ අතර ලබන මස පළමු වැනි දින උදෑසන 9.30ට අදාළ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතාට ජනපති කොමිසම විසින් නොතීසි නිකුත් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පෙළ පොත් මුද්‍රණය කිරීමේ දී සිදුවී ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල විභාග කිරිමේ කටයුතු ඊයේ දිනයේ දී ජනාධිපති කොමිෂන් සභාව විසින් සිදුකර ඇත.
 

More News..