brand logo

අධ්‍යාපන ඇමතිගෙන් උත්තර නැතිවුනොත් නැවත වර්ජනය කරනවා

14 March 2019

වැටුප් විෂමතා ඇතුළු ගුරු විදුහල්පතිවරුන් මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ දින ක්‍රියාත්මක කෙරුණු ලෙඩ නිවාඩු වර්ජනය ඉතාමත් සාර්ථක වූ බව ලංකා ගුරු සේවක සංගමය සඳහන් කරයි. ඒ කොළඹ අද පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදී ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්ම හින්ද ජයසිංහ කියා සිටියේ කොළඹ රාජකීය විදුහලේ ගුරුවරුන් කිහිප දෙනෙකු හැරුණු විට ජාතික පාසල් 354ක දායකත්වය මෙම වර්ජනය සඳහා ලැබුණු බවය. එමෙන්ම රට පුරා විදුහල්පතිවරුන් 14000ක්ද මෙම වැඩවර්ජනයට එක් වූ බව ඔහු සඳහන් කල අතර අධ්‍යාපන අමාත්‍යවරයාට ලබන මස 22වනදා දක්වා මෙම ගැටලුවට පිළිතුරු ලබා දීමට කාලය ලබා දෙන බවත් ඒ වෙනවිටත් මෙම ගැටලුව විසදීමට නොහැකි වුවහොත් නැවත වතාවක් දෙවන පාසල් වාරය ආරම්භයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..