brand logo

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ජනපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවයි

02 August 2019

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා ඇත. ඒ, පාසල් පෙළ පොත් මුද්‍රණයේදී විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් පළ කිරීමෙන් සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධ විර්ශනයේදී සාක්ෂි දුන් එවක අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතාට ලබා දුන් ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා වන අතර නිහාල් රණසිංහ මහතා කොමිසම හමුවට කැඳවා තිබුණ ද රාජකාරී බහුල දිනයක් බැවින් අද කොමිසම හමුවට පැමිණිය නොහැකි බව දන්වා ඊට වෙනත් දිනයක් ඉල්ලා ඔහු ෆැක්ස් පණිවුඩයක් එවූ බව ජනාධිපති කොමිසම සඳහන් කළේය. පාසල් පෙළ පොත් මුද්‍රණයේදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් පළ කරන ලෙස කළ දැනුම් දීමට තමන් එකඟ නොවූ බව අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා කොමිසම හමුවේ මීට පෙර සාක්ෂි දෙමින් සඳහන් කළේය.
 

More News..