brand logo

අද සියලු පාසල්වල කලුකොඩි වැටෙයි

06 October 2021

ලෝකෙම ගුරුවරු පුදන දා ලංකාවේ ගුරුවරුන්ට වෙච්ච දේ

මෙරට ගුරු දිනය සමරනු ලබන අද(06) රට පුරා පාසල් ඉදිරිපිට කළු කොඩි ඔසවා රජයට විරෝධය දක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසයි. පාසල් ඉදිරිපිට මෙන්ම ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන්ගේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ නිවාස ඉදිරිපිටද අද කළු කොඩි ඔසවා විරෝධතා දක්වන බවද පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය. ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස බලකරමින් එම ක්‍රියාමාර්ගය ගන්නා බව ලංකා විදුහල්පති සංගමය ප්‍රධාන ලේකම්වරයා පවසයි. ජාත්යන්තර ගුරු දිනය ඔක්තෝම්බර් 05 වනදා යෙදුන ද ලංකාව එය සමරන්නේ 06 වනදාය
 

More News..