brand logo

අද සිට 19 වැනිදා දක්වා වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

16 July 2019

දිවයිනේ, නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ජූලි මස 16 වන දා සිට 19 වන දා දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ, බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 පමණ දක්වා තරමක් තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැකි වේ.
 

More News..