brand logo

අනවසර ලෙස ඉන්ධන ගබඩා කරන පුද්ගලයින්ට අද සිට සිදුවන දේ 

22 May 2022

අද සිට දිවයින පුරා විශේෂ වැටලීම්

අනවසර ලෙස ඉන්ධන ගබඩා කරගනිමින් නැවත විකිණීම සිදුකරන පුද්ගලයින් සොයා අද (22) සිට දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව අද සිට එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරයි.

"නිසි බලධාරියෙකුගේ බලපත්‍රයක් නොමැතිව ඉන්ධන අලෙවි කිරීම වරදක් මෙන්ම නිසි බලධාරියෙකුගේ බලපත්‍රයක් නොමැති ඉන්ධන තොග ගබඩා කර ගැනීම වරදක්.

ඉන්ධන පිරවුම්හල් වෙත ගෙන එනු ලබන ඉන්ධන කෑන් බූලි වලට රැගෙන ගොස් නැවත විකිණීම් අධිකන මිලට අලෙවි කිරීමේ කටයුතුවල නිරත වෙන්න එපා."

 

More News..