brand logo

අද සහ හෙට වැසි වැඩිවෙයි - කාලගුණය

12 January 2019

නැගෙනහිර, ඌව,මධ්‍යම, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන් අද සහ හෙට දිනයේ වැසි වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු පළාතේ සහ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඇතැම් ස්ථානවලට විශේෂයෙන් ඌව, මධ්‍යම,දකුණ සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි. වයඹ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකියි. මේ අතර මාතර සිට හම්බන්තොට, මඩකළපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍ රිකාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වනවා. මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
 

More News..