brand logo

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

02 April 2022

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන හැටි මෙතනින් 

අද (02) දිනයේ දිවයින පුරා පැය 08යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, කලාප 26ක් යටතේ අළුයම 05.30 සිට රාත්‍රි 12.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදු කිරීමට සැලසුම් කර තිබේ. A සිට F යන කලාප සඳහා පෙවරවරු 08.00 සිට දහවල් 12 .00 දක්වා පැය 04ක කාලයක් සහ පස්වරු 04.00 සිට රාත්‍රි 07.00 දක්වා පැය තුනක කාලයක් මෙන්ම රාත්‍රි 09.00 සිට රාත්‍රි 10.30 දක්වා පැයයි මිනිතුත් 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු වනු ඇතී. G සිට L යන කලාප සඳහා දහවල් 12.00 සිට පස්වරු 04.00 දක්වා පැය 04ක කාලයක්, පස්වරු 06.00 සිට රාත්‍රි 09.00 දක්වා පැය 03 කාලයක් සහ රාත්‍රි 09.00 සිට රාත්‍රි 10.30 දක්වා පැයයි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය. එමෙන්ම අද දිනයේ P සිට S යන කලාප සඳහා පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා පැය 04 කාලයක් විදුලිය කප්පාදුව සිදු කරනු ඇති. මීට අමතරව එම කලාපව සඳහා පස්වරු 04.00 සිට රාත්‍රි 07.00 දක්වා පාය 03ක කාලයක් සහ රාත්‍රි 09.00 සිට රාත්‍රි 10.30 දක්වා පැය 01යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව සඳහන් වේ. T සිට W යන කලාප සඳහා දහවල් 12.00 සිට පස්වරු 04.00 දක්වා පැය 04ක් සහ පස්වරු 06.00 සිට රාත්‍රි 09 දක්වා සහ රාත්‍රි 10.30 සිට රාත්‍රි 12.00 දක්වා පැය 01යි මිනිත්තු 30ක් සඳහා විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති. මීට අමතරව M, N, O, X,Y, Z යන කලාප සඳහා උදෑසන 05.30 සිට සිට පෙරවරු 09.00 දක්වා පැය තුනයි මිනිත්තු 30 දක්වා විදුලි කප්පාදුව සිදු වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.
 

More News..