brand logo

අද රාත්‍රියේ සිට වැසි වැඩිවෙයි

03 December 2019

දිවයින අවට (ශ්‍රී ලංකාවට දකුණින්) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසිතත්ත්වය අද රාත්‍රී කාලයේ සිට (විශේෂයෙන් දෙසැම්බර් මස 04 සහ 05 දිනවල) වැඩිවේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලසහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්,නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ද උතුරුමැද, සබරගමුව, දකුණු, බස්නාහිර පළාත්වල සහමාතලේ, මහනුවර, යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. (අනුරාධපුරය, පොලොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ සහ කොළඹ) දිවයින හරහා විශේෂයෙන්ම වයඹ, දකුණු, මධ්‍යම, ඌවසහ උතුරු මැද පලාත්වල විටින් විට හමන පැ.කි.මි 55 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
 

More News..