brand logo
logo

අද රටපුරා පැය 4කට වැඩියෙන් කරන්ට් නෑ

23 February 2022

 විදුලිය කපන වෙලාව සහ ප්‍රදේශ මෙතනින් දැනගන්න

අද දිනයේත් පැය 4 කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමට අනුව මහජන උපයෝගීතා කොමිසම ද ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ. මේ අනුව A B හා C කලාප සඳහා පැය 4 යි විනාඩි 40 කුත් සහ අනෙකුත් කලාපවලට පැය 4 යි විනාඩි 30 කුත් විදුලිය කප්පාදු කරනු ඇත. විදුලිය විසන්ධි කිරීම පෙරවරු 8.30 ට ආරම්භ වන අතර, එය කලාප වශයෙන් රාත්‍රී 10.30 දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව ඒ කලාපයට පෙරවරු 8.30 සිට 11.10 දක්වා සහ පස්වරු 4.30 සිට 6.30 දක්වා විදුලිය විසන්ධි කෙරේ.
 

More News..