brand logo

අද මුම්බායි පිටියේ / හෙට පල්ලේකැළේ පිටියේ - ස්ලින්ගා

03 April 2019

ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය හෙට (04) ආරම්භවීමට නියමිතය. මෙම තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබේ. නමුත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (03) මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් චෙන්නායි කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය. මේ අනුව හෙට ශ්‍රී ලංකාවේදී ආරම්භවීමට නියමිත සුපිරි පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියට ලසිත් මාලිංග සහභාගිවීම පිළිබදව ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මාලිංග අද රාත්‍රීයේ දිවයිනට පැමිණෙන බවට දැනුම්දී ඇති බවය. නමුත් ලසිත් මාලිංගගේ සහභාගිත්වය පිළිබදව නිශ්චිත වශයෙන් කිවහැකි වන්නේ හෙට උදෑසන බව ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරවරයා වැඩිදුරටත් අරුණට කියා සිටියේය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 8.00ට මුම්බායි වන්කඩේ පිටියේදී ආරම්භවීමට නියමිතය. Mumbai Indians: 1 Rohit Sharma (capt), 2 Quinton de Kock (wk)/Evin Lewis, 3 Suryakumar Yadav, 4 Yuvraj Singh/Ishan Kishan, 5 Kieron Pollard, 6 Hardik Pandya, 7 Krunal Pandya, 8 Mitchell McClenaghan/Jason Behrendorff, 9 Mayank Markande, 10 Jasprit Bumrah, 11 Lasith Malinga සුපිරි පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය ගාල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියේදී හෙට (04) උදෑසන 9.45ට ආරම්භවීමට නියමිතව ඇත. ඊයේ (02) පස්වරුවේ පුහුණුවීම් අතරතුර ගත් ඡායාරූප සහ වීඩියෝ පහතින්
 

More News..