brand logo

අද මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල ඉහළට 

10 August 2018

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපවත්වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියලකින් ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

එ් අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 157 දක්වාත් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 130 දක්වාත් ඉහළ යනු ඇත.

ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල්වල මිලෙහි වෙනසක් සිදු නොවේ.

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ගත් තීරණය අනුව මෙම මිල සංශෝධනය සිදු කර ඇත ඇති අතර මෙම මිල ගණන් සැප්තැම්බර් මස 10 වනදා නැවතත් සංශෝධනය කිරීමට නියමිතය.

 

More News..