brand logo

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 11.14% කින් පහළට

04 August 2022

බස් ගාස්තුව අඩුවෙන්නේ මෙහෙමයි

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 11.14% කින් පහත දමා තිබේ. අධිවේගී මාර්ග ගාස්තු හැර ලංගම හා පුද්ගලික සියලුම සාමාන්‍ය ගාස්තු අවස්ථා 350 ක් යටතේ මේ යටතේ පහළ යනු ඇත. අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා පහළ යන බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය.

"2020.11.20 වනදා වැඩිකරපු 20%න් 10%ක ප්‍රමාණයක බස්ගාස්තුවක් අඩුකරන්න. දෙවැනි කාරණය පසුගිය දා ඩීසල් මිල රු 10කින් අඩු කෙරුණා. එම ගණනය කිරීම අනුව 1.14%ක අඩුවීමක් අපි ගණනය කරා. මේ කරුණු දෙකම ගණනය කරාම 11.14%ක බස් ගාස්තු අඩුවීමක් සිදුවෙනවා. එය සිදුවන්නේ සාමාන්‍ය සේවාවන්වලට පමණයි. ඒ අනුව ශ්‍රී ලංකාව පුරා ධාවනය වන ලංගම බස්රථ, අන්තර් පළාත් බස්රථ, පළාත් බස්රථ සියල්ලෙහිම සහ ගම්බද ප්‍රදේශවල ධාවනය වන ගැමිසැරිය සහ උදෑසන හා රාත්‍රි සේවාවන් ලෙස නිසිසැරිය හා පාසල් දරුවන්ගේ සිසුසැරිය හා මෑතකදී ආරම්භ කළ පොදු පාසල් සේවය නමින් එම සේවාවන්වලත් මෙම ගාස්තුව අඩුවෙනවා. ඒ අනුව සාමාන්‍ය බස්රථ සේවාවන්ගේ බස් ගාස්තුව 11.14කින් අඩුවෙනවා. ඒ අනුව අවම ගාස්තුව රු 38 සිට රු 34 දක්වා අඩුවෙනවා. මේ අඩුවීම අවස්ථා 350දක්වා ක්‍රියාත්මකයි. 350 අගය රු 2,882 සිට රු 2,611 දක්වා අඩුවෙනවා. මේ අඩුවීම අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ක්‍රියාත්මකයි."

 

More News..