brand logo

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 3කින් ඉහළට

10 June 2019

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00 කින් වැඩිකර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 ක් වන අතර මිල සුත්‍රය යටතේ මිල සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4 න් 3 කම මිල මෙවර සංශෝධනය කර නැත. මේ දිනවල ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාවයක් පෙනෙන්නට ඇති අතර එම තත්ත්වය දිගින් දිගටම පැවැතිය හොත් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
 

More News..