brand logo

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කෙරේ

10 January 2019

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2 බැගින් අඩු කෙරෙන අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් අඩුකෙරේ. ඒ අනුව දැනට රුපියල් 125 ක් වන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123 ක් ද රුපියල් 149 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රරල් ලීටරයක නව මිල රුපියල් 147 ක් ද වේ. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 99 ක් හා රුපියල් 121 ක් වූ සුපිරි ඩීසල් ලීටරයක් නව මිල සංශෝදනය අනුව රුපියල් 118 ක් වන බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
 

More News..