brand logo

අද පැය 18ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

02 March 2019

නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොටහේන, ග්‍රෑන්ඩ්පාස් සහ මෝදර, මට්ටක්කුලිය යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළ අතර කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි..
 

More News..