brand logo

අද පස්වරු සිට වැසි තවදුරටත් වැඩිවෙයි

27 November 2019

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ හේතුවෙන් දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන්ම අද (27) රාත්‍රී සිට තවදුරටත් වර්ධනය වනු ඇත. දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තුවේ. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවලප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල (විශේෂයෙන්ම මඩකලපුව, අම්පාර, යාපනය, පොලොන්නරුව, බදුල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල) ඇතැම් ස්ථානවලට මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන්ද, සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
 

More News..