brand logo

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

04 February 2020

සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ නැගෙනහිර සහ ඌව පළාත්වලසිහින් වැසි ඇති විය හැකි බවයි. කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාහැක.
 

More News..