brand logo

අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි

31 March 2019

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින අතර .බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ වල තාවකාලික සුළං ඇතිවිය හැකි අතර එමගින් සිදුවන අනතුරු අවම කරවා ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
 

More News..