brand logo

අද පස්වරුවේත් වැසි

27 November 2018

නැගෙනහිර සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. සබරගමුව මධ්‍යම සහ බස්නාහිර, පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ උතුරු මැද පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකියි. මේ අතර හම්බන්තොට සිට මඩකලපුව, ත්‍රිකුණාමලය හරහා මුලතිවු දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මෙම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති වියහැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. කොළඹ සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල්හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-30 පමණ වනවා. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං(පැ.කි.මී 70-80 පමණ) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
 

More News..