brand logo

කෝට්ටේ නගරාධිපති ජනාධිපති කොමිසමට

19 August 2019

පසුගිය සිව් වසරේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගෙන් අද දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය කර ඇත. කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල පිළිබඳව හා එම ගොඩනැගිල්ල සඳහා නියමිත සැලසුම් අනුමත කර තිබේද, එය නීත්‍යනුකූල පරිදි අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර ඇතිද යන්න මෙහිදී විමර්ශනයට සැලසුම් කර ඇත. එම ප්‍රකාශය අද (19)නගරාධිපතිවරයාගේ කාර්යාලයේදී ලබා ගැනීමට නියමිතව ඇති බව එම කොමිසම සඳහන් කළේය.
 

More News..