brand logo

අද කොළඹ නගරයේ පාසල් අශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක්

05 May 2019

අද කොළඹ නගරයේ පාසල් ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. අද පස්වරු 1.00 න් පසු පාසල් අසල වාහන නැවතීමෙන් වළකින ලෙස ඔහු ජනතාවට දැනුම් දෙන අතර කොළඹ නගරයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ ගාල් කිරීම සඳහා වෙනම ස්ථාන හඳුන්වා දෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ අතර ඊයේ රාත්‍රී නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ දෙවන පාසල් වාරය සඳහා පාසල් හෙට විවෘත වන්නේ 6 වන ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා පමණක් බවය. ඒ අනුව පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ වන්නේ මැයි මස 13 වැනි සඳුදා බව එම නිවේදනයේ සඳහන්ය.
 

More News..