brand logo

අදියර 3කින් දහම්පාසල් ආරම්භ කෙරේ

24 June 2020

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට අනුකූලව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කරයි. දහම් පාසල් අවසාන හා ධර්මාචාර ශ්‍රේණි ලබන මස 12 වන දා ආරම්භ කිරීමට කටයුතු කරයි. 3 සිට 10 දක්වා ශ්‍රේණි ජුලි මස 26 වන දා දහම් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරයි. දහම් පාසල් එක හා දෙක ශ්‍රේණි, පාසල්වල එක හා දෙක ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ඉරු දින ආරම්භ කිරීමට තීරණය වී ඇත.
 

More News..