brand logo

අදින් පසු ඇදිරි නීතිය කැඩුවොත් ඔන්දස්පොට් දඩුවම් ලැබෙන ලකුණු

27 March 2020

මින් ඉදිරියට ඇදිරි නීතිය දැඩිව ක්‍රියාවට නැගීමටත් ඇදිරි නීතිය කඩ කරන්නවුන්ට දැඩි දඩුවම් පැමිනවීමටත් වැඩ බල පොලිස් පති පොලිසියට උපදෙස් දී ඇත. ඇදිරි නීතිය පැන වූ පසුගිය දින කිපයේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි වන අන්දමට ලිහිල්ව ඇදිරි නීතය ක්‍රියාවට නැංවීමට උපදෙස් දී තිබුණි. ඒ අනුව ගොවීන්ට ගොවිතැන් කිරීමටත් රෝගීන්ට බෙහෙත් හේත් ලබා ගැනීමටත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට අවශ්‍ය ජනතාවට එම භාණ්ඩ ලබා ගැනීමට හැකි වුණා. පොලිසිය මෙසේ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරිමේදී ඇතැම් අවස්ථාවාදී පිරිස් එම ලිහිල් ප්‍රතිපත්තිය අවභාවිතා කරන අයුරු සුලභව දක්නට ලැබුණා. විශේෂයෙන් කලුතර දිස්ත්‍රකිකයේ බොහෝ පිරිස් බෙහෙත් වට්ටෝරු(priscription)පෙන්වමින් මහාමාර්ගයේ සැරිසරන අයුරු දක්නට ලැබුණා. එමෙන්ම මෙම බෙහෙත් වට්ටෝරු පෙන්වමින් මාර්ගයට අවතීරණ වී මෝටර් රේස් ධාවනයේ යෙදුනු දෙදෙනකු අද දින මරණයට පත් වූ බවද වාර්තා වුණා. වගකීම් විරහිත පුද්ගලයින් මෙසේ හැසිරෙද්දී වගකීමක් ඇති ජනතාව විශාල වශයෙන් පොලිසියේ මෙම ලිහිල් පිළිවෙත විවේදනයට ලක් කළ අතර බෙහෝ ප්‍රෙද්ශවල ඇදිරි නීතිය බල පැවැත්වෙන විට පවා ඇදිරිනීතය නොමැති අයුරින් පුද්ගලයින් හැසිරෙන ආකාරය විවේචනය කළා. ඒ නිසා අද සිට කිසිදු බුරලක් නොදක්වා ඇදිරි නීතිය දැඩි සේ ක්‍රියාවට නගන්න පොලිස් පති තීරණය කර තියෙනවා. ඒ අනුව අද සිට ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට පොලිසිය තීරණය කර ඇති අතර ඇදිරි නීතිය කඩ කරන්නවුන් පිළිබඳ ඉදිරියේදී ඉන්දියාවේ බැටන් පොලු අතින් ගත් පොලිස් නිලධාරීන් කටයුතු කරන ආකාරයට ශ්‍රී ලංකා පොලිසියද කටයුතු කළ යුතු බව බොහෝ පිරිස් පෙන්වා දෙනවා.
 

More News..