brand logo

අදත් මෙරට තුළ කොවිඩ් මරණ පහක්

15 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් මරණ පහක් අද දිනයේ සිදුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ඒ අනුව මෙරට තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මියගිය පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර, ඔවුන් වයස අවුරුදු 54ක් සහ 88ක පසුවන්නන් වේ. එමෙන්ම කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක පිරිමි පුද්ගලයෙකු ද මියගොස් තිබේ. වයස අවුරුදු 88ක් වූ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු ද මියගොස් ඇත. මේ අතර කොළඹ 08 බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද අද දිනයේ මියගිය පුද්ගලයින් පස්දෙනා අතර වේ. ඒ පිළිබදව වැඩි විස්තර පහතින්.....
 

More News..